Loke wate
Find Us on Facebook

ඔයාගේ pc එක ඔන් කරපු ගමන් ඔයා කැමති දෙයක් ඔයාගේ pc එකට කියලා ඔයාටම කියවගමුද | Notepad Trics පාර්ට් 1

මේක අපේ බ්ලොග් එකේ දාන පලවෙනි notepad tric එක.ටිකක් විතර ආතල් වැඩක්.මේකෙන් වෙන්නේ ඔයා ඔයාගේ pc එක ඔන් කරපු ගමන් ඔයා කැමති දෙයක් ඔයාගේ pc එකට කියලා ඔයාටම කියවාගන්න පුලුවන් එකයි.ඔන්න මන් පහලින් දානවා වැඩේ කරන විදිහ.කරලා බලන්න.මේකෙන් තව තව ආතල් ගන්නත් පුලුවන්.ඒකත් මන් කියන්නම්,







1.මුලින්ම New Text Document  එකක් හදන්න.
2.ඒකේ මේ පහලින් තියෙන code එක copy කරල paste කරන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, USERNAME"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

3.ඔය code එකේ USERNAME කියන තැනට ඔයාගේ Name එක දෙන්න.


4.දැන් File>save as> ගිහින් All files දාලා ඔයා කැමති නමක්  දීලා .vbs File එකක් විදිහට save කරගන්න.(ex:- welcome.vbs)

5.දැන් නම් වැඩේ අන්තිම හරිය.ඔයා save කරගත්ත .vbs file එක startup එකට දාන්න ඕනේ.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.

ඔයා windows xp භාවිතා කරන කෙනෙක් නම්,ඔයා හදාගත්ත .vbs file එක පහලින් තියෙන folder එකට copy කරල paste කරන්න.
C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

ඔයා windows 7/8/vista භාවිතා කරන කෙනෙක් නම් ඔයා හදාගත්ත .vbs file එක පහලින් තියෙන folder එකට copy කරලා paste කරන්න.
C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

සමහරවිට ඔයා ඔය folders open කරගෙන යනකොට සමහර folders පෙන්වන එකක් නෑ..ඒවා hidden වෙලා තියෙන නිසා.ඒක නිසා මුලින්ම ඔයාගේ pc එකේ hidden folders show කරගෙන ඉන්න.

දැන් වැඩේ හරි.ඔයාගේ pc  එක restart කරලා බලන්න.
මේකෙන් ඔයාගේ pc එකෙන් ඇහෙන voice එකෙන් ඔයාගේ pc එක male ද female ද කියලත් බලාගන්න පුලුවන්.

මන් කිවුවනේ මේකෙන් පොඩි පොඩි ආතල් වැඩ කරන්න පුලුවන් කියලා.ඒක කරන්නේ මෙහෙමයි.අර  code එකේ කියන "Welcome to your PC, USERNAME" එකට ඔයා කැමති එකක් දාලා .vbs file එකක් හදලා යාලුවන්ගේ pc  වලට දාන්න.(හොදට බැනලා.)

ඔන්න ඒකත් ඉවරයි..අලුත් පොස්ට්ටුවකින් හම්බවෙමු..
ඊලග කෑල්ල තවත් රසවත්.

Comments
1 Comments

1 comments:

Kadytok - Online Casino - Kadytok - KADG PINTAR
Kadytok Online 온카지노 Casino. Kadytok has a lot 메리트 카지노 of expertise in 샌즈카지노 online gaming, but they have really created something that makes them unique. They're

Post a Comment