Loke wate
Find Us on Facebook

Windows වලට හරියන පට්ටම පට්ට Ubuntu Skin Pack එක.දාලම බලන්න. 28 mb



අද කියන්න යන්නේ ඔයාගේ කොම්පියුටර් එක ලස්සන කරගන්න පුලුවන් තවත් එක ක්‍රමයක් ගැන.මේක මන් දැනට දැකලා තියෙන Skin pack වලින් හොදම 1ක්.ඒ වගේම මාර ගති.PC එකට දැම්මම මාරම ලස්සනයි.මේක Windows 7 සහ Windows xp වලටත් වැඩ කරනවා.එක පාරක් දාලා බලන්න.ආයි අයින් කරන්න හිතෙන එකක් නෑ.එහෙනම් පහලින් ඔයා භාවිතා කරන Windows සන්ස්කරණයට අදාල Skin pack එක Download කරගන්න.

                                                                                          Win7 64bit 

                                                                                           Win7 32bit

                                                                                              Win XP

පහලින් තියෙන ස්ක්‍රීන් සොට්ටු ටිකත් බලලම දානවද නැද්ද කියලා තීරයනය කරන්නකෝ...






අවුලක් ආවොත් කොමෙන්ටුවකින් අහන්න උදව්වක් කරන්නම්.

Facebook එකේ වැඩ්ඩෙක් වීමට අවශ්‍ය සුදුසුකමක් වන Facebook keyboard shortcuts ගැන ඔබ දන්නවාද?

අපේ කට්ටියට ඉතින් Facebook කිවුවොත් වෙන මුකුත් ඕනී නෑනේ.කන්නෙත් නෑ.නාන්නෙත් නෑ.දවසම කොම් එක ලගට වෙලා මොකක් හරි ස්ටෑටස් එකක් හරි පුටෝවක් හරි දාලා ඒකට ලයික් කොමෙන්ට් එනකම් බලාගෙන ඉන්නව ඇරෙන්න.දවසේ වැඩි හරියක් බුකියේ ඉන්න යාලුඒන්ට මන් මේ අද කියන Facebook keyboard shortcuts keys අනිවාරයෙන්ම ගොඩක් ප්‍රයෝජනවෙයි.මෙකෙන් තවත් ප්‍රයෝජනයක් තියෙනවා.හදිසියේ ඔයාගේ මවුස් එක වැඩ කරන්නේ නැතිව ගියොත් මේක ගොඩාක් වටිනවා.keyboard 1ken මවුස් එක control කරන විදිහ මන් කලින් කිවුවා මතක ඇතිනේ.ඒක බැලුවේ නැති නම් ඒකත් මේතනින් බලන්න.මේ ටික මතක තියාගත්ත නම් බුකියේ කරන හැම වැඩක්ම ලේසියෙන් ඉක්මනටම කරන්න ඔයාලත් පුලුවන්.මේ Facebook keyboard shortcuts keys ඔයා භවිතාකරන web browser එක අනුව වෙනස් වෙනවා.එහෙනම් මන් ටික keys පහලින් දානවා පාඩම් කරග්ගන්කෝ ඈ..


ඔයා Google chorme සහ Internet explorer බාවිතා කරනවා නම් Alt එකත් සමග පහලින් ඇති Key භාවිතා කරන්න.eg: ( Alt+5 ඔයාගේ නොටිෆිකේෂන් බලාගන්න. )

ඔයා Mozilla Firefox වෙබ් Browser එක භාවිතා කරනවා නම් Alt+shift සමග පහලින් ඇති Key භාවිතා කරන්න.eg: ( Alt+shift+5 ඔයාගේ නොටිෆිකේෂන් බලාගන්න. )


Mඅලුතින් message box එකක් open කරගන්න.
?Facebook Search එකට යන්න.
1මුල් පිටුවට.(News Feed එක බලන්න )
2ඔයාගේ profile එකට යන්න.
3ඔයාට ඇවිල්ලා තියෙන Friend requests බලන්න.
4ඔයාට ඇවිල්ල තියෙන Messages බලන්න.
5ඔයාට ඇවිල්ල තියෙන Notifications බලන්න.
6ඔයාගේ  Account Settings වලට යන්න.
7ඔයාගේ Privacy Settings වලට යන්න.
8official Facebook page එකට යන්න.
9Facebook Terms and Policies බලන්න.
0Facebook උපකාරක සේවයට යන්න.

මන් මේ කියලා තියෙන  keyboard shortcuts keys වලට ඔයගෙ කීබෝඩ් එකේ Number pad එක වැඩ කරන්නේ නෑ.ඔයාගේ කීබෝඩ් එකේ ඉහලින් තියෙන Number pad එක භාවිතා කරන්න.

එහෙනම් කට්ටියටම සුබම සුබ බුකි අනාගතයක් වේවා..තවත් ලිපියකින් හම්බවෙමු.

ඔයාගේ Facebook Group එකට යාලුවෝ සෙට් එකම එකපාරින් Add කරන්න.අලුත්ම Java script එක.උණු උණුවෙන්.

කලින් තිබුන script එකක්වත් දැන් වැඩ කරන්නේ නෑ කියලා ගොඩාක් යාලුවෝ මට කිවුවා.ඒක නිසා අලුත් java script එක ඔයාලට මන් අද දෙනවා.මේක ORIGINAL ජාව SCRIPT එකක්.කිසිම බයක් සැකයක් නැතිව ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.

දැනට ඔයාට ෆේස්බුක් ගෲප් 1ක් නැත්නම් අලුතෙන් එකක් හදලා මේ විදිහට යාලුවෝ ටිකක් ඇඩ් කරලා තියාගන්න.ඉදිරියට ඔයාට ප්‍රයෝජනවත් වේවි.( මේ ස්ක්‍රිප්ට් එකත් හැමදාම තියෙන එකක් නෙමේ.බුකියට මාට්ටු උන ගමන් අයින් කරලා දායි. )ඒක නිසා පුලුවන් කාලයේ මේකෙන් වැඩක් අරගන්න.

එහෙනම් වැඩේට බහිමු.

මේක වැඩ කරන්නේ Google Chrome හා Opera බ්‍රව්සර් දෙකට විතරයි.

1.මුලින්ම පහලින් තියෙන code  එක සම්පූර්නයෙන්ම copy කරගන්න.



2.දැන් ඔයාට යාලුවෝ ඇඩ් කරන්න ඕනි Group එකට යන්න.

3.F12 ගහල console කියන Tab එක Open කරගන්න.



04)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Paste කරන්න.


05)දැන් Enter කරන්න.ඊට පස්සෙ මෙහෙම එකක් වැටේවි.


ඒක විනාඩියක් විතර තියෙනව.ඊට පස්සෙ ඔයාට පෙනෙවි ඔයාගෙ යාලුවො ඔක්කොම ගෲප් එකට ඇඩ් වෙන හැටි...


මේ විදිහට ඔයා යාලුවෝ බාගයක් විතර ඇඩ් කරගෙන යනකොට සමහර වෙලාවට ආයෙත් ලොග් වෙන්න කියලා කියයි.බය වෙන්න එපා.!!ආයෙත් ලොග් වෙලා ඇඩ් කරගන්න.කිසි අවුලක් යන්නේ නෑ.මේ විදිහට ඔයාට යාලුවෝ 5000ක් විතර ඇඩ් කරන්න විනාඩි 10 විතර යයි.

ඔයාගේ බුකියේ යාලුවන්ටත් කියන්න මේ විදිහට කරලා එයාලගේ යාලුවොත් ඔයාගේ ගෲප් එකට ඇඩ් කරලා දෙන්න කියලා.එයාලට වැඩේ කරන්න තේරෙන්නේ නැත් නම් මේ පෝස්ට් එක බලලා කරන්න කියලත් කියන්න.(චැට් එකෙන් ලින්ක් එක යවලා කියන්න.)

එහෙනම් ඔයාට සුබපතනවා ලෝකේ ලොකුම ෆේස්බුක් ගෲප් එකේ අයිතිකාරයා වෙන්න ලැබේවා කියලා.උත්සහවන්තයා ජය ගනී..උත්සහ කරලා බලන්න.ඔයාටත් ලොකු ෆේස්බුක් ගෲප් එකක අයිතිකාරයෙක් වෙන්න පුලුවන් වෙයි.

Youtube එකේ අපිට කරදර කරන Ads Block කරලා දාලා නිදහසේ Videos බලමු.

මේක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.අපි හැමෝම වගේ එකේ එක එක videos බලනවනි.ඒත් ඒ එක වීඩියෝ එකක් වත් ඔයාලා නිදහසේ බලල තියෙනවද..විඩියෝ එක උඩින් එක එක විදිහේ ඇඩ් දානවා.එතකොට ඉතින් මල පනිනවා නෙහ්.











යූටුබ් එකේ ප්‍රදාන වශයෙන් ඇඩ් වර්ග 2ක් තියෙනවා.

1.ඔයාලා දැකලා ඇති වීඩියෝ එක බලන්න කලින් එයාලා ඇඩ් එකක් දානවා.මේක අනිවාරයෙන්ම අපි තත්පර 5ක් බලන්න ඕනි.ඊට පස්සේ ස්කිප් ඇඩ් කියන button එක ක්ලික් කරලා අපේ වීඩියෝ එක බලන්න පුලුවන්.මේක ඔය පොඩි පොඩි ඩේටා පැකේජ් තියෙන කට්ටියට නම් අවාසි වෙන වැඩක්.ඇඩ් එක බලනවටත් ඩේටා කැපෙනවනි.

2.2වෙනි එක තමයි ගුගල් සමාගමෙන් දාන ඇඩ්සෙන්ස් ඇඩ්.මේකෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙන පුන්චි ගානක් හොයා ගන්නවා.(පුන්චි කිවුවට පුන්චිමත් නෑ හොදේ )මේ ඇඩ් එක දාන්නේ වීඩියෝ එක මැදින්.ඔයාලා දැකලා ඇතිනේ.මේක නම් ඉතින් අපිට ක්ලෝස් කරලා දන්න පුලුවන්..සමහර කට්ටිය ඉතින් ඒකටත් කම්මැලියිනේ.

ඔන්න අද ඉදලා youtube එකේ ඇඩ් බලන්න වෙන්නේ නෑ.මම පහලින් දාලා තියෙන extention 2කම ඔයාගේ browser එකට install කරගන්න.මේක  Mozilla Firefox  / Google Chrome කියන browser දෙකටම ගින්දර වගේ වැඩ කරනවා.

           

ඔයාගේ pc එක ඔන් කරපු ගමන් ඔයා කැමති දෙයක් ඔයාගේ pc එකට කියලා ඔයාටම කියවගමුද | Notepad Trics පාර්ට් 1

මේක අපේ බ්ලොග් එකේ දාන පලවෙනි notepad tric එක.ටිකක් විතර ආතල් වැඩක්.මේකෙන් වෙන්නේ ඔයා ඔයාගේ pc එක ඔන් කරපු ගමන් ඔයා කැමති දෙයක් ඔයාගේ pc එකට කියලා ඔයාටම කියවාගන්න පුලුවන් එකයි.ඔන්න මන් පහලින් දානවා වැඩේ කරන විදිහ.කරලා බලන්න.මේකෙන් තව තව ආතල් ගන්නත් පුලුවන්.ඒකත් මන් කියන්නම්,







1.මුලින්ම New Text Document  එකක් හදන්න.
2.ඒකේ මේ පහලින් තියෙන code එක copy කරල paste කරන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, USERNAME"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

3.ඔය code එකේ USERNAME කියන තැනට ඔයාගේ Name එක දෙන්න.


4.දැන් File>save as> ගිහින් All files දාලා ඔයා කැමති නමක්  දීලා .vbs File එකක් විදිහට save කරගන්න.(ex:- welcome.vbs)

5.දැන් නම් වැඩේ අන්තිම හරිය.ඔයා save කරගත්ත .vbs file එක startup එකට දාන්න ඕනේ.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.

ඔයා windows xp භාවිතා කරන කෙනෙක් නම්,ඔයා හදාගත්ත .vbs file එක පහලින් තියෙන folder එකට copy කරල paste කරන්න.
C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

ඔයා windows 7/8/vista භාවිතා කරන කෙනෙක් නම් ඔයා හදාගත්ත .vbs file එක පහලින් තියෙන folder එකට copy කරලා paste කරන්න.
C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

සමහරවිට ඔයා ඔය folders open කරගෙන යනකොට සමහර folders පෙන්වන එකක් නෑ..ඒවා hidden වෙලා තියෙන නිසා.ඒක නිසා මුලින්ම ඔයාගේ pc එකේ hidden folders show කරගෙන ඉන්න.

දැන් වැඩේ හරි.ඔයාගේ pc  එක restart කරලා බලන්න.
මේකෙන් ඔයාගේ pc එකෙන් ඇහෙන voice එකෙන් ඔයාගේ pc එක male ද female ද කියලත් බලාගන්න පුලුවන්.

මන් කිවුවනේ මේකෙන් පොඩි පොඩි ආතල් වැඩ කරන්න පුලුවන් කියලා.ඒක කරන්නේ මෙහෙමයි.අර  code එකේ කියන "Welcome to your PC, USERNAME" එකට ඔයා කැමති එකක් දාලා .vbs file එකක් හදලා යාලුවන්ගේ pc  වලට දාන්න.(හොදට බැනලා.)

ඔන්න ඒකත් ඉවරයි..අලුත් පොස්ට්ටුවකින් හම්බවෙමු..
ඊලග කෑල්ල තවත් රසවත්.

Legend of The Seeker හෙවත් '' සත්‍ය ගවේෂක '' කතා මාලාව Season 1/ 2 සම්පූර්නයෙන්ම නොමිලේ බාගන්න.

Legend of The Seeker නැත්නම් සත්‍ය ගවේෂක කිවුහම හැමෝම දන්නවනේ ඉතින්.ඔවු ඔවු අර මේ දවස්වල පවුලේ නාලිකාවේ යන එක තමයි.මේක ගැන අයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.සතියට දවස් දෙකයි යන්නේ එපා වෙනවා නේද.අයේ තව කොටසක් බලන්න සතියක් බලාගෙන ඉන්න ඔනිනේ.මට මේක ඇති වෙලා ඔන්න මන් අද Full TV Series එකම බාගත්තා.කැමති කෙනෙක් ඉන්නවා නම් බාගන්න.මේකේ Season දෙකම තියෙනවා.අයේ මක්කැයි බඩුම තමා.බලන්නම වටින කතාවක්.

මේකේ සින්හල Subtitle නම් මට හොයාගන්න බැරි උනා.මන් හිතන්නේ තාම Sub ඇවිල්ලා නෑ.කඩ්ඩ බැරි අයට දුක තමයි.ඒ අය කොහොම හරි කතාව තේරුම් ගන්න උත්සහ කරන්න.


















The Wire කතා මාලාව නොමිලේම බාගන්න එන්නෝ....[ Free Download The Wire TV Series. ]

මේක අපේ බ්ලොග් එකෙන් ඔයාලට දෙන පලවෙනි TV Series එක.මේක ගැන කියලා වැඩක් නෑ.ඔයාලම බලන්න.මාර ඇක්ශන් කෑලි ගොඩාක් තියෙනවා.මම බලපු සුපිරිම සුපිරි TV Series එකක්.මේක ගැන මන් වැඩිය කතා කරන්නේ නෑ.ඔයාලම බලන්න.











Keyboard එකෙන් Mouse එක Control කරමුද?..

Keyboard Mouse

මේක ගොඩාක් වැදගත් වෙන්නේ Mouse එකේ පොඩි පොඩි අවුල් තියෙන කට්ටියට තමයි.මේ ක්‍රමයෙන් ඔයාලට පුලුවන් Keyboard එකෙන් Mouse එක Control කරන්න.ඒ කියන්නේ Mouse එකෙන් කරන හැම වැඩක්ම Keyboard එකෙන් කරන්න පුලුවන්.මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි.Windows මෙහෙයුම් පද්ධතියෙම තියෙන පොඩි Option එකක්.ගොඩාක් කට්ටිය මේක කරන්නේ නෑ.එත් දැනගෙන ඉන්න එක හොදයි.හදිස්සියේ Mouse එක වැඩ කරන්නේ නැතිව ගියොත් මේක ගොඩාක් වටිනවා.

දැනට ඔයාගේ Mouse එක හොදට වැඩකරනවා නම් මේ වැඩේ කරලා තියාගන්න හදිස්සියේ Mouse  එක වැඩ නැතිව ගියොත් ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.

Windows Xp මෙහෙයුම් පද්දතිය සදහා පහල තියන පියවර අනුගමනය කරන්න.

1.Control pannel එකට යන්න.
2.Switch to Classic View ක්ලික් කරන්න.
3.Accessibility Options ක්ලික් කරන්න.
4.Mouse Tab ක්ලික් කරන්න.

use keyboard as mouse

5.Use MouseKeys select කරන්න.
6.දැන් Keyboard එකේ NumberLock කියන Button එක ඔබලා NumLk key activate කරගන්න.
7.දැන් ඔයාට numeric keypad එකේ arrow keys Use කරලා mouse 1ka කරන්න පුලුවන්.

Windows 8, Windows 7 සහ Vista සදහා පහලින් ඇති පියවර අනුගමනය කරන්න.

1.මුලින්ම control panel එකට යන්න.
2.view by small icons ක්ලික් කරන්න.
3. Ease of Access Center කියන එක ක්ලික් කරන්න.
4. Make the mouse easier to use කියන එක ක්ලික් කරන්න.
5.Turn on Mouse Keys select කරන්න.






















6.Set up Mouse Keys කියන එක ක්ලික් කරලා ඔයාගේ Mouse එකේ වේගය වැඩි කරගන්න.






















7.දැන් apply  කරලා ok කරන්න.

දැන් Alt+Shift+Num Lock ඔබලා ඔයාට පුලුවන් Keyboard mouse එක activate  කරගන.