Loke wate
Find Us on Facebook

Copy කරන්න බෑ.. කියන Blog / Website වල Post ගෙඩිපිටින් copy කරමු.

ඔයාලට මන් මේ කියන්නේ යන්නේ ටිකක් නරක වැඩක් ගැන.මේක මට ඔයාලට හදිස්සියෙම කියන්න හිතුනේ,ලන්කාවේ අපේ බ්ලොග් ලියන යාලුවෝ වෙන අය අපේ බ්ලොග් පෝස්ට් කොපි කරන එක නතර කරගන්න එක විදිහේ රහක් ක්‍රම ටිකක් දාලා තියෙනවා මන් දැක්ක නිසයි.මට නම් හිනහත් යනවා අප්පා. =D.හරි හරි ආයේ ඒවා ගැන මන් වැඩිය කියවන්න යන්නේ නෑ.ඒ අය මාත් එක්ක තරහ උනොත්.ඒවත් නරකම නෑ හොදේ..කැමති නම් කරලා බලන්න.මන් නම් වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ..
        මේකයි සිද්දිය ඔයාලා නෙට් එකේ පීරනකොට ඔයාලා යන සමහර වෙබ්සයිට් වල Right click Disable කරලා තියෙනවා දැකලා ඇති.ඒ කට්ටිය එහෙම කරලා තියෙන්නේ එයාලගේ පෝස්ට් අනිත් කට්ටිය කොපි කරන නිසයි.ඉතින් අපිට මොකෝ නේද?.. :)එයාලා මේ වැඩේ කරලා තියෙන්නේ පුංචි Java script එකක් එයාලගේ web page එකට දාලා.මම නම් කියන්නේ ඔය මොනවා දැම්මත් කොපි කරන එක නවත්වන්න බෑ කියලයි.වැඩි කතා ඕනී නෑ එහෙනම් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

                                  ලේසිම ක්‍රමය තමයි මේක.

මෙන්න මේ website එකට ගිහින් ඔයාට copy කරන්න ඕනී web page එකේ Link එක දීලා Hidemyass කරන්න.ඊට පස්සේ ඉතින් බඩුම තමයි.Right click කරලා හිතේ හැටියට copy කරගන්න පුලුවන්.(මේකට ඔයාට online proxy website ඕනෙ එකක් භාවිතා කරන්න පුලුවන්.)
website - http://hidemyass.com/

2 වැනි ක්‍රමේ තමයි මේක..

ඔයාට කොපි කරන්න ඕන වෙබ් පේජ් එකේ ලින්ක් එකේ මුලට view-source: කියලා දාලා ලින්ක් එකට යන එක.

මෙන්න මේ වගේ.

view-source:http://www.google.com

                                   3 වැනි ක්‍රමේ තමයි මේක..

Google chorme web browser භාවිතා කරන අය මෙහෙම කරන්න.

1.මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. chrome://settings/content ( ඔයාගේ Address bar එකේ ඕක copy කරලා paste කරලා enter කරන්න.)
2.Javascript >Do not allow any site to run JavaScript කියන තැනට ටික් එකක් දාලා Done කියන බටන් එක ඔබන්න.( පහල රූපය බලන්නකෝ.. )




දැන් ඔයාට කලින් කොපි කරන්න බැරිවුණු ඕනි වෙබ්සයිට් එකක් හිතේ හැටියට කොපි කරන්න පුලුවන්.


















Mozilla Firefox  use කරන කට්ටිය මෙහෙම කරන්න.

1.අලුතෙන් ටැබ් එකක් අරන් මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න.
  about:config

2.එතකොට මෙන්න මේ වගේ messege එකක් එයි. I'll be careful, i promise කියන බටන් එක උඩ ක්ලික් කරන්න.













3.දැන් search කියන තැන මේ කෝඩ් එක ටයිප් කරන්න. javascript.enabled



4.ඊටපස්සේ " javascript.enabled "කියන
 එක උඩ Right click කරලා toggle කියන එක click කරන්න.






දැන් මේ වගේ පෙනේවි.


ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් කොපි කරන්න බැරි වෙබ්සයිට් ගෙඩිපිටින් කොපි කරගන්න.අලුත් ටැබ් එකක් අරන් වැඩේට බහින්න.







සැ.යු: ඔයාලට මේ වගේ කොපි කරන්න බැරි වෙබ්සයිට් එකක් කොපි කරන්න ඕනි වෙලාවට විතරක් මේ වගේ javascript disable කරගන්න.ඔයාලගේ වැඩේ කරගත්තට පස්සේ මතක් කරලා ආයෙත් enable කරගන්න.

මේක පෝස්ට් කොපි කරන කට්ටියට නම් වැදගත් ලිපියක් වෙයි කියලා හිතනවා.ඒත් වෙන කෙනෙකුගේ පෝස්ට් කොපි කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න.පෝස්ට් එක ලියන කෙනා මහන්සිවෙලා පෝස්ට් එක ලියනවා.ඔයා මේ වගේ වැඩ පාරක් දාලා එයාගේ පෝස්ට් එක කොපි කරගන්නවා.


තීරනය ඔබ අතේ..
ජයවේවා.
තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

Post එක හොදයි නම් පහලින් Like එකකුයි කොමෙන්ට් කෑල්ලකුයි එල්ලලා යන්න අමතක කරන්න එපා.

Comments
2 Comments

2 comments:

Post a Comment